by Sagarika Chathumali 20-08-2021 | 8:58 PM
COLOMBO (NEWS1ST) : ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනා වඩාත් කැපකිරීම් සිදුකිරීමට සූදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ඉල්ලා සිටියේ ය.
ජනාධිපතිවරයා පැවසුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම කරුණ දෙස එක් කෝණයකින් පමණක් බැලුව ද රජයක් ලෙස විදෙස් ණය ගෙවීම, වැටුප් ගෙවීම , සහනාධාර ලබා දීම ආදිය අතපසු නොකර අඛණ්ඩව පවත්වා ගැනීමට රටේ ඇති කුඩා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට සිදුවන බවයි.
වෙනත් විකල්පයක් නොතිබීම හමුවේ, රට වසා දැමීම වැනි දැඩි පියවර ගනිමින් කොවිඩ් පළමු රැල්ලට සාර්ථකව මුහුණදීමට හැකි වූ බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේ ය.
කෙසේ වෙතත් විටින් විට රට වසා දැමීමට තීරණය කළ ද එම තීන්දුවේ අතුරු ප්‍රතිඵල තේරුම් ගත යුතුව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, ඇඟලුම් කර්මාන්තයේ ඇණවුම් නැවතීම, රැකියා අහිමි වීම, සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, රැකියා ලක්ෂ ගණන් අහිමිවීම, ඉදිකිරීම් කර්මාන්තයට බාධා එල්ලවීම, දේශීය විදේශීය ආයෝජන පවා අහිමි වී වැනි බාධක රැසකට මුහුණ දීමට සිදු වූ බවයි.
සියලු බාධක මධ්‍යයේ වුව ද රජය ජනතාව ජීවත් කරවීමේ වගකීම පැහැර නොහැරි බව ද ජනාධිපතිවරයා ජාතිය අමතා කළ ප්‍රකාශයේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
අසීරු තත්ත්වය යටතේ රජය කිසි විටක රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අඩු කිරීමට හෝ දීමනා කපා දැමීමට කටයුතු නොකළ බව සඳහන් කළ ජනාධිපතිවරයා රජය ණය වාරික ගෙවීම් ද පැහැර නොහැරි බව සඳහන් කළේ ය.
රට නැවත වරක් සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රට ආර්ථික වශයෙන් බරපතළ අර්බූදයකට ලක් වීම මෙන්ම එය රටට දරා ගත හැකි තත්ත්වයක් නොවන බව ජනතාව තේරුම් ගත යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් පැවසී ය.
ජනාධිපතිවරයා පැවසුවේ, එසේ වුවත් කොවිඩ් රෝගීන්ගේ පැතිරීම පාලනය කර ගැනිම සඳහා අද (20) රාත්‍රී 10 .00 සිට මේ මස 30 වන සඳුදා උදෑසන 4.00 දක්වා රට වසා තැබීමට තමන් තීරණය කළ බවයි.
මෙම තත්ත්වය විවිධ මතධාරීන්, වෘත්තිය සමිති, වෛද්‍යවරුන් අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් සහ රජය අතර ඇති එකිනෙකා පරයා යන තරගයක් හෝ ඝට්ටනයක් නොවන බවත් සියලු දෙනා යථාර්ථය තේරුම්ගත යුතුව ඇති බවත් ජනාධිපතිවරයා පැවසී ය.
මෙරට එන්නත්කරණ වැඩසටහන පිළිබඳව අදහස් පළ කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව ලොව එන්නත්කරණය සිදු කරන රටවල් අතර ඉහළම ස්ථානයක පසුවන බවයි.
තව ද සැප්තැම්බර් මස 10 වැනිදා වන විට අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් 100 % දෙවැනි එන්නත ලබා දිය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ, මෙම තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනා බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම්සහතව රට ඉදිරියට ගෙන ආය යුතු බවත් කණ්ඩායමක් ලෙස එකතුමුතුව කෝවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන ලෙසයි.