by Staff writer 20-08-2021 | 10:38 PM
COLOMBO (NEWS1ST) : රට තුළ ඖෂධ හිඟයක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (19) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඖෂධ හිඟයක් ඇති බවට නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි.
රට පුරා මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 40ක බරපතළ හිඟයක් ඇතිවී ඇතැයි, විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණ ද එය නිවැරදි නැතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබිණ.
රාජ්‍ය අමාත්‍යවරයා සිය ලිපියෙන් සඳහන් කරන්නේ ,අදාළ ඖෂධ අතරින් අත්‍යාවශ්‍ය ඖෂධ ලෙස සැලකිය හැකි ඖෂධ 22න් 15ක්ම රජයේ ඖෂධ ගබඩාවල ඇති බවයි.
මේ අතර විපක්ෂ නායකවරයා ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණු කරුණු ගණනාවකටම මෙම ලිපියෙන් පිළිතුරු සපයා තිබිණ.
ඒ අතර විවිධ පැණි ප්‍රචාරය කරන බවට එල්ල කළ චෝදනාවට ද මහචාර්ය චන්න ජයසුමන මහතා මෙම නිවේදනයෙන් පිළිතුරු ලබා දී තිබේ.
ඔහු පවසන්නේ , තමන් පැණි හෝ වෙනත් කිසිදු ඖෂධයක් ප්‍රචාරයේ නියැලී නොමැති බවයි.
තමන් සිදුකළේ , තමන් වෙත පැවරුණු වගකිම් විෂය පථය තුළ ඉටු කිරීම පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.