COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් හෙට(21) දිනයේ රටපුරා කළු කොඩි එසවීමේ විරෝධතාවක් සංවිධානය කර තිබේ.
මෙම විරෝධතාවට පාර්ශ්ව කිහිපයක් අදත් සහය පළකරමින් අදහස් පළ කළහ.
සමාජීය හා සාමූහික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, රොහාන් සිල්වා පියතුමා,
කුමන්ත්‍රණයක් තියෙනවා නම් කුමන්ත්‍රණය කරපු අය ඉන්න ඕනේ. කුමන්ත්‍රණය මෙහෙයවපු අය ඉන්න ඕනේ. ක්‍රියාවට නංවපු අය ඉන්න ඕනේ. සැලසුම් කරපු අය ඉන්න ඕනේ. ඒ නිසා තමයි මේ අරගලය තියෙන්නේ. අරගලය තියෙන්නෙ මේ කුමන්ත්‍රණය තුළ ඉන්න අය කවුද කියලා දැනගන්න. දැන් අපිට ආරංචි වෙනවා කීපදෙනකුට නඩු දාන්න සූදානම් නඩු දාලා තියෙනවයි කියලා කියනවා විසි පස් දෙනෙක් ඒ අතර ඉන්නවයි කියලා කියනවා. නමුත් මේ ඔක්කොම කරුණු එක්ක අපිට හැංගෙනවා මේ හඹාගෙන යන්න නිකං මේ හාල්මැස්සෝ නැත්නම් පොඩි අය ඔස්සේ මහ මොළකරු නැත්නම් මහා සැලසුම්කරුවන් තාම හොයාගෙන නැද්දෝ එම නැත්නම් හොයාගෙන ඒ නිසා විමර්ශන කටයුතු අඩාල කරා ගෙන වෙනත් දිශානතියකට රැගෙන යනවද කියන මහා ලොකු සැකයක් අපිට ඇතිවෙලා තියෙනවා. ඒ නිසයි අපි නිරන්තරයෙන්ම ආරාධනා කරන්නේ මේ කළු හර්තාලයත් එක්ක මේ අරගලය දිගටම රැගෙන යන්න.
නීතිඥ නාමල් රාජපක්ෂ මහතා,
මේක ඇවිල්ලා රාජපක්ෂවරුන්ගේ නාටකයේ තව එක කෑල්ලක්. බොහෝම සංවේගයෙන් මේ රාජකාරි කරපු පොලිස් නිලධාරීන්ට වෙච්ච දේ ගැන කතා කරනව මටත් ඇහුනා. ශ්‍රේෂ්ඨාධිකරණය කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරන්න එපා කියල රීට් ආඥාවක් ගන්න. ඒ කිසි දෙයක් කලේ නෑ. මේ වගේ බරපතල යමක් තියෙනව නම් කාගෙන්වත් අහ අහා ඉන්න ඕනෙ නෑ. තමන්ගේ රාජකාරිය නොකර හැරීම වරදක්. මේ කොමිෂන් සභා වාර්තා ගොඩක් වෙලාවට දාන්නෙ ලංකාවෙ නීතිය ක්‍රියාත්මක කරන්න නෙමේ. මං කලිනුත් කියල තියෙනව කොමිෂන් සභා වාර්තා එන්නෙ යට ගහන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරියට ස්වාධින පරීක්ෂණයක් ශානිට කරන්න දුන්න නම් අද අපිට දැනගන්න පුළුවන් කවුද ප්‍රධාන මොළකරු කියලා. නමුත් මේගොල්ලො ඒක බාධා කරන්න, අන්තිමට බොරු චෝදනා කරලා ශානිව ඇතුළට දැම්මා