පුද්ගලික මධ්‍යස්ථානවල PCR,ඇන්ටිජන් නවත්වලා ද?

පුද්ගලික මධ්‍යස්ථානවල PCR හා ඇන්ටිජන් පරීක්ෂණ නවත්වලා ද? - රාජිත සේනාරත්නගෙන් හෙළිදරව්වක්

by Staff writer 20-08-2021 | 10:45 PM

COLOMBO (News 1st) - කොවිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ හා ඖෂධ හිඟයක් පිළිබඳව ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (20) අනාවරණයක් කළේ ය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා,
හෝමාගම පුද්ගලික මධ්‍යස්ථානය. ඒකට රෝගීන් කතා කරාම ඒකේ කියන දේ. මෙන්න බලන්න..
එහිදී අමාත්‍යවරයා දුරකතන සංවාදයක් මාධ්‍ය ඉදිරියේ ගෙනහැර දැක්විය. එය මෙසේය.
"දෙකම කරන්නෙ නෑ සර්. එම්. ඕ. එච් එකෙන් එපා කියල තියෙන්නේ කරන්න. පන්නිපිටියෙත් නතර කරල, මහජන පී.සී.ආර් කරල ඒකත් නවත්තල තියෙන්නෙ. ඔක්කොම නවත්තල"
සමගි ජන බලවේගයේ පා.ම, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා,
මේ පුද්ගලික රෝහලෙන් කියන්නෙ මේ දුරකතනයට කතා කරාම ඇන්ටිජන් කරන්න එපා පී.සී.ආර්. කරන්න එපා. මොකද මේ දෙක කරාම රෝගීන් අහුවෙනවා. රෝගීන් අහුවුණාම දාන්න තැනක් නෑ. ඒ නිසා ටෙස්ට් එක කරන්න එපා. කොහොමද තත්ත්වේ? එතකොට මෙහෙම ටෙස්ට් අඩු කරල තමයි ඔය අද ආසාදිත සංඛ්‍යාව හයදාස් ගාණක තියෙන්නෙ. තමුන්නාන්සෙලා දන්නවා වෛද්‍ය සතිෂ් ජයවර්ධන මැතිතුමා. දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඇත්තටම පුද්ගලික වෛද්‍යවරයා. අන්තිමට මියගියේ කොහොමද, බෙහෙත් නැතුව, මොකද්ද බෙහෙත? ටොසිලිසුමා. ඒ විතරක් නෙමේ අද සෞඛ්‍ය, අද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ 169 ක් ඖෂධ හිඟයි. හොඳේ. දැන් මේකෙ මගේ ගාව තියෙනව මේ ඖෂධ ලැයිස්තුවම. හරිද මේ ඔක්කොම අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඒ ඖෂධ අද රජයේ රෝහල්වල නෑ. අද පුද්ගලික ෆාමවලත් සමහර ඖෂධ නෑ.