.webp)

ලංකාව තුළ පැතිරෙන ඩෙල්ටා වේරියන්ට් එකේ විශේෂිත ජාන විකෘතිතා 03ක් අපි හඳුනාගත්තා කොළඹ නගරය තුළ ඒ විකෘතිතා තුනම සහිත ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා. ඉතිං මේ විකෘතිතා තුනම තියන ඩෙල්ටා ප්‍රභේදයක් ප්‍රථම වතාවට තමයි මේ විකෘතිතා තුනම එක ඩෙල්ටා ප්‍රභේදයේ තිබෙන මේකෙන් වෛරස් එකට මොනවගේ වාසියක් ලැබෙනවාද එන්නත්කරණයෙන් ලබාගත් ප්‍රතිශක්තියට මොනවගේ බලපෑමක් වෙනවද ස්භාවිකව ලබා ගත්ත ප්‍රතිශක්තියට මොනවගේ බලපැමක් වෙනවද කියන කාරණේ දැනට අපිට කියන්න අපහසුයි ඒ සම්බන්ධවෙන් අපි අධ්‍යනය කරගෙන යනවා. මේ විකෘති තුනම සහිත රෝගීන් වාර්තා වෙන්නේ ලොව ප්‍රථමවතාවට ලංකාවෙන් මේකෙනුත් එක මියුටේෂන් එකක් අපි කියනවා ඒ 701 යි එස් කියන විකෘතිය ලංකාවෙන් පමණයි වාර්තා වෙන්නේ. ඒ 222 වි කියන එක අනිත් රටවලිනුත් වාර්තාවෙනවා ඒක තියනකොට හඳුනාගෙන තියනවා පැතිරීමේ වැඩි බවක් ඩෙල්ටා ප්‍රභේදයෙත් වඩිපුර පැතිරීමක් වෙන්න පුළුවන් කියලා. ඒ 1078 එස් කියන ප්‍රභේදය දැනට හම්බවෙලා තියෙන්නේ ලංකාවෙනුත් මැලේසියාවෙනුත් විතරයි
