by Staff writer 19-08-2021 | 9:55 PM
COLOMBO (News 1st) - මේ මොහොතේ රටේ උද්ගතව පවතින බරපතල තත්ත්වය හේතුකොටගෙන ආණ්ඩුව ප්‍රමුඛව කළ යුතු දෙය වන්නේ දින කිහිපයකට හෝ රට අගුල් දැමීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
විපක්ෂය ඒ බව අවස්ථා කිහිපයකදීම පුන පුනා ආණ්ඩුවට කියා සිටි අතර නැවත වතාවක් ඒ බව සිහිපත් කොට සිටින්නේ, ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී ඇති තත්ත්වයේ අවදානම පිළිබඳව බරපතල ලෙස සැලකිල්ලට ගෙන බව විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
විපක්ෂය ඉදිරිපත් කරන යෝජනා සියල්ලටම ආණ්ඩුව සිනාසීමේ ප්‍රතිඵලය වී ඇත්තේ රටේ අහිංසක ජනතාවට කඳුලෙන් වන්දි ගෙවීමට සිදුවීම බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
සාම්ප්‍රදායික විපක්ෂයේ භූමිකාව ඉවතලා විපක්ෂයක ජනතාවාදී ආකල්පයකින් යුතුව ව්‍යසනය පරාජය කිරීමට හුදු විවේචන වෙනුවට තමන් ආණ්ඩුවට සහයෝගයේ හස්ථය දිගු කළ වාර අනන්ත බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
එහෙත් ආණ්ඩුව සෑම විටම කටයුතු කළේ, තමන්ට පමණක් සියල්ල තනිව කළ හැකිය යන මනෝභාවයෙන් බව විපක්ෂ නායකවරයාගේ අදහසයි.
එම මනෝභාවයේ කිසිදු වෙනසක් අදටත් පෙනෙන්නට නැති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.