විදෙස්ගතව පැමිණෙන්නන්ට නව උපදෙස් මාලාවක්..

විදෙස්ගතව මෙරටට පැමිණෙන්නන්ට නව උපදෙස් මාලාවක්: සෑම ගුවන් මගියෙකුටම PCR පරීක්ෂණයක්..

by Staff writer 19-08-2021 | 11:03 AM

COLOMBO (News 1st) – විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ, අද (19) සිට බලපැවැත්වෙන ලෙසය. නව උපදෙස් මාලාවට අනුව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයෙකුම ගුවන් තොටුපොළේදී PCR පරීක්ෂණයකට ලක්විය යුතුයි. අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් නිරෝධායනය වීමට සැලසුම් කරන හෝටලයේ හෝ ස්ථානයේ රැඳී සිටිය යුතු වේ. එහිදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන්නේ නම් දින 14 ක් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව නව උපදෙස් මාලාවේ දැක්වේ. එහි වැඩිදුරටත් දැක්වුණේ, PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවී පූර්ණ එන්නත්කරණය ලක්වී නොමැති නම් දින 14 ක් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය බවය.