by Staff writer 19-08-2021 | 7:16 PM
COLOMBO (News 1st) – බරපතල ඖෂධ හිඟය මැද ජීවිත සමග ආණ්ඩුව සිදු කරන සෙල්ලම වහා නවතන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, රටපුරා මේ වනවිටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් ඇති වී තිබෙන අතර කොරෝනා සහ නිව්මෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ද ඒ අතර වන බව ය.
උද්ගතව ඇති ඖෂධ හිඟය පිළිබඳව විපක්ෂය අවස්ථා කිහිපයකදීම දැනුවත් කළත් එම ප්‍රයත්නන්ට ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබුණේ උපහාස, අපහාස සහ නොසලකා හැරීම පමණක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, ආණ්ඩුවේ වගකීම් විරහිත බව හේතුවෙන් රටට අහිමි වන ජීවිත පිළිබඳව බලා සිටිය නොහැකි බවය.
ආණ්ඩුවේ වගවීමත්, වගකීමත් දෙකම දෙවියන්ට භාර දී ඇති විට එහි ප්‍රතිඵලය වන්නේ, කෙරෝනා වසංගතය හමුවේ ඉහළින්ම සිටින අවධානම් සහගත රට අප රට වීම විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.