COLOMBO (News 1st) - නෝවේජියානු, තුර්කි සහ ඉතාලි තානාපතිවරුන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (19) මුදල් අමාත්‍යංශයේදී සිදු විය.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, අන්නෝන්‍ය සුහදතාවය තහවුරු කර ද්විපාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු වූ බවයි.
මෙරට පුනර්ජනණීය බල ශක්ති වැඩසටහන සඳහා පූර්ණ සහය ලබා දෙන බව මෙහිදී නෝවේජියානු තානාපති ට්‍රීනා යෝරන්ලි එස්කඩාල් මහත්මිය පවසා තිබේ.
මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, වසංගත තත්ත්වය යම් අඩුවීමක් වූ වහාම තම රටේ ව්‍යාපාරික කවුන්සල නියෝජිතයින් ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට කටයුතු කරන බව තුර්කි තානාපතිනී ආර්. ඩෙමෙඩ් සෙකෙර්සියෝග්ලු මහත්මිය පැවසූ බවය.
ශ්‍රී ලංකාවේ තේ සඳහා තුර්කියේ දැනටමත් ඉහළ ඉල්ලුමක් ඇතැයි තුර්කි තානාපතිනිය මෙහිදී සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
මුදල් අමාත්‍යාංශය පැවසුවේ, ඉදිරියේදී එය තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බව මෙම හමුවේදී තුර්කි තානාපතිනිය පැවසූ බවයි.
පවතින වසංගත තත්ත්වය හමුවේ උවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් විශාල වශයෙන් ඉතාලිය වෙත අපනයනය කර ඇති බව මෙහිදී ඉතාලි තානාපති රීටා ගියුලියානා මනෙලා මහත්මිය මුදල් අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.
මෙරට ඇගලුම් සඳහා ඉතාලි වෙළෙඳපොළ තුළ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද තානාපතිනිය මුදල් අමාත්‍යවරයා හමුවේ පැවසූ බව මාධ්‍ය නිවේදනයේ සඳහන් ය.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ද ඉතාලි තානාපතිනිය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
සියලු රටවල් සමග සුහදත්වයෙන් කටයුතු කරමින් නොබැඳි ප්‍රතිපත්තියක ගමන් කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන් බව මුදල් අමාත්‍යංශ නිවේදනයේ සඳහන් ය.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පවතින වසංගත තත්ත්වය හමුවේ උවද ශ්‍රී ලංකාව වෙත මෙම රටවල් දක්වන සහය මුදල් අමාත්‍යවරයා මෙහිදී අගය කළ බවයි.
