by Staff writer 19-08-2021 | 9:50 PM
COLOMBO (News 1st) – මෙරටින් තවත් කොරෝනා මරණ 186ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(18) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 111 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 75 දෙනා කාන්තාවන් වේ.
මියගිය පිරිස අතර අවුරුදු 30 ට අඩු ආසාදිතයින් 04 දෙනෙකු සිටී.
ඉන් තිදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර එක් අයෙකු කාන්තාවක් වේ.
මේ අතර මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 35 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 147 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.