මාත්‍රා දෙකම ලබාගෙන මියගොස් ඇති ගණන 63ක්

කොවිඩ් මරණවලින් 91.7% ක් කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයින් - වසංගත රෝග විද්‍යා ඒකකය

by Staff writer 19-08-2021 | 9:40 PM

COLOMBO (News 1st) - වසංගත රෝග විද්‍යා ඒකකය කොවිඩ් ආසාදිත මරණ පිළිබඳ සකස් කරන විශේලේෂණ වාර්තාව සතිපතා ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලබයි.

එහි නවතම වාර්තාව නිකුත් කර ඇත්තේ, අගෝස්තු 13 වැනි දිනයෙන් අවසන් වූ කාලසීමාව තුළ දත්ත අනුවයි. එම වාර්තාවට අනුව මෙතෙක් මියගොස් ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් 51.3 % ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. මේ දක්වා මියගොස් ඇති සමස්ත ආසාදියින්ගෙන් 76.7% ක් වයස අවුරුදු 60 ඉක්මවූවන් ය. 22.2% ක් අවුරුදු 30 ත් 59 ත් අතර වයස් ඛාණ්ඩයට අයත් ය. වයස අවරුදු 09 ට අඩු දරුවන් 11 දෙනෙකු ද කොවිඩ් ආසාදිතව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ වාර්තාවේ කොවිඩ් හේතුවෙන් නිවෙස් තුළ මියගොස් ඇති සංඛ්‍යාව 745 ක් ලෙස දැක්වෙන අතර 362 දෙනෙකු මියගොස් ඇත්තේ රෝහලට ඇතුළත් කිරීමට පෙරයි. මියගිය පුද්ගලයින්ගෙන් 91.7% ක් කිසිදු එන්නතක් ලබානොගත් පුද්ගලයින් ය. පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයින් 417 දෙනෙකු මියගොස් ඇති අතර මාත්‍රා දෙකම ලබාගෙන මියගොස් ඇති පුද්ගලයින් ගණන 63 කි.