by Staff writer 18-08-2021 | 10:36 PM
COLOMBO (News 1st) - විනිශ්චයකාරවරු සම්මන්ත්‍රණයකට කැඳවා යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් උපදෙස් දුන් බවට හෙළිවන වාර්තා මගින් බරපතල අනතුරු ඇඟවීමක් සිදු කෙරෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අධිකරණ සේවා කොමිසන් සභාවට විනිශ්චකාරවරුන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, පහ කිරීම්, විනය පාලනය හා ස්ථාන මාරු සිදු කිරීමේ බලය පැවරේ.
එහෙත් යුක්තිය පසිඳලීමේ නිර්දේශ, නියෝග හෝ උපදෙස් ලබාදීමේ කිසිදු බලයක් නැති බව විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
20 වෙනි සංශෝධනය දුර්විපාක ලෙස නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිවීම පිළිබඳව ජනතාව තුළ තිබූ සැකය මෙවන් අනිසි බලපෑම් මගින් තවදුරටත් වර්ධනය වන බවත් මෙම නිවේදනයේ සඳහන් ය.
ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය එකිනෙකට ගරු කිරීම රටේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය බැවින් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතික වෙයි.