COLOMBO (News 1st) - පවතින වසංගත තත්ත්වය හමුවේ රට වහා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලා රට පුරා රෝහල් කාර්ය මණ්ඩලය අද (18) නිහඬ විරෝධතාවයන්හි නිරත විය.
ජාතික රෝහලේ පැවති කෑමේ පැයේ විරෝධතාවට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් ද එක්ව සිටියහ.
සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා,
නිවැරදි දත්ත නෙවෙයි අද වාර්තා කරන්නේ. අද රෝහල්වල පොකුරු ඇති වෙමින් තියෙනවා. හෙද නිලධාරීන් 1000ට විතර අද කොරෝනා හැදිලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 5000ට විතර කෙරෝනා හැදිලා තියෙනවා. මේවට උත්තරයක් නැහැ.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා,
බල කිරීමක් නිසා ලොක්ඩවුන් කරලා මේක ලොක්ඩවුන් කිරීමක් කියන්න ලොක්ඩවුන් කරන්නත් එපා. ලොක්වඩුන් කරලා කරන්න ඕන දේවල් 10ක් අපි රජයට ඉදිරිපත් කරලා තියෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනන මහතා,
අද වෛද්‍යවරු මැරෙනවා. සෞඛ්‍ය සේවකයෝ රෝගි වෙනවා. මේ සෞඛ්‍ය ව්‍යසනය තුළ විඩාවට පත් වෙලා ඉන්න සේවකයෝ දැන්වත් අපි ආරක්ෂා කර ගත යුත්තේ රෝගයෙන් පමණක් නෙවෙයි මේ දැඩි අවිවේකි තත්ත්වයෙන්. සති 02ක් ලොක්ඩවුන් කිරීමෙන් සෑහෙන දුරකට වෛරසය පාලනය වනවා කියලා අපි කල්පනා කරනවා
කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ද මහනුවර ජාතික රෝහල ඉදිරිපිට ද සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව නිහඬ විරෝධතා පවත්වමින් රජයට බල කර සිටියේ පවතින වසංගත තත්ත්වය හමුවේ රට වහා ලොක්ඩවුන් කිරීමකට යොමු කළ යුතු බවයි.