COLOMBO (News 1st) - රට ලොක්ඩවුන් කරන ලෙසට ඉල්ලීම් කෙරුණ ද රැකියාවක් නැති මිලියන ගණනක සුබසිද්ධිය උදෙසා සංවේදී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
මේ බව අනාවරණ වුණේ, අද(18) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,
මේ මොහොතෙත් රට විශාල වශයෙන් කලාප රාශියක් වහලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසන් තීරණයගත යුතුව තිබෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවක් විදිහට මොනවා උණත් අපි රට වහන්නේ නෑ කියන මුරණ්ඩු ස්ථාවරයක ආණ්ඩුව නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙනම් නිර්දේශ කරන්නට ඕනේ මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් ජනාධිපතිතුමා හැම වෙලාවකම කල්පනා කරන්නේ ඊයෙත් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක් කළේ කිසිදු ආකාරයක රැකියාවක් නැති ජන කණ්ඩායම මිලියන 8 ක් පමණ ඉන්නවා. ආණ්ඩුව විදිහට මේ මිලියන 8 දිහා ඉතාම සංවේදීව බලනවා.
සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,
අවස්ථාවන් රාශියකදීම රජය ඔවුන්ට ආධාර ලබාදෙන්නට රුපියල් බිලියන 80 කට අධික මුදලක් වැයකොට තිබෙනවා. රුපියල් කෝටි 8000 සකට අධික මුදලක් ආර්ථිකමය වශයෙන් රටත් ඉතාම අපහසු කාලසීමාවක් පසුකරන බව අපි සෑම කෙනෙක්ම වටහාගත යුතුයි ඒ නිසා එම ජනතාවට අඛණ්ඩව සහන ලබාදීමේ ක්‍රමවේදයන් පිළිබඳවත් පැහැදිලි ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා.