අනුර කළ ප්‍රකාශය ඉතා බරපතල චෝදනාවක්

මහේස්ත්‍රාත්වරුන් ගැන අනුර කළ ප්‍රකාශය ඉතා බරපතල චෝදනාවක් - ඩලස් අලහප්පෙරුම

by Staff writer 18-08-2021 | 7:11 PM

COLOMBO (News 1st): අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලු මහේස්ත්‍රාත්වරුන් සම්මන්ත්‍රණයකට කැඳවා අධිකරණ තීන්දු ගැන කතාබහ කිරීමක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක,අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සිය ප්‍රතිචාරය දැක්විය.

ඒ, අද(18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. අනුර කුමාර මහතාගේ එම ප්‍රකාශය ඉතා බරපතල චෝදනාවක් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මෙහිදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,
මම ඊයේ (17) දැක්කා ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විශේෂ ප්‍රකාශයක් කළා ඊයේ පාර්ලිමේන්තුවේදී. එතුමා කරපු චෝදනාව ඉතා බරපතල චෝදනාවක්. වහාම සොයා බැලීම එක පැත්තකින් ගරු කතානයකතුමාගෙත් අනිත් පැත්තෙන් අග්‍රවිනිශ්චයකාරතුමාගෙන් මූලික වගකීමක් කියලා විශ්වාස කරනවා. අපි ඒ පිළිබඳව සොයලා බලලා පාර්ලිමේන්තුවට මීළඟ දවසේ වාර්තා කළ යුතුයි. එසේ නැත්නම් ඒ සම්බන්ධයෙන් නිශ්චිත වගකීම් සහගත පිළිතුරක් අපිට ඕනේ කියන විශ්වාසය මට ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට පුරවැසියෙක් විදිහටත් තියෙනවා. කෙසේ වෙතත් ආණ්ඩුවේ කිසිම මැදිහත්වීමක් ඒකට නෑ . ඒ සිදුවීම සත්‍යද නැද්ද කියන දේ පිළිබඳව ඊයේ මේ දේ අනාවරණය වුණේ මේ තොරතුරු අපි ඉදිරි පැය කිහිපයේ බලාගෙන ඉමු මොකක්ද සැබවින්ම සිද්ධ වෙන්නේ කියලා.