පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන්න... හිටපු ජනපති ඉල්ලයි

by Staff writer 18-08-2021 | 8:26 AM

COLOMBO (NEWS1ST) : පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ හා සාකච්ඡාවක් කැඳවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොව්ඩ් පනත පිළිබඳ  විවාදයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේ ය.

කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන එන්නත්කරණය සහ සංචරණ සීමා යෙදීම මෙන්ම සෑම දෙනාටම සවන් දීම, නම්‍යශීලි වීම වැදගත් බව ද හිටපු ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේ ය. වසංගතය පාලනයේදී ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ කච්ඡාවක් කැඳවීම වැදගත් බවයි.