.webp)

හුඟක් අයගේ ඇමති ධූර වෙනස් වීමත් එක්ක ආණ්ඩුවේ මොකක් හරි ලොකු වෙනසක් වෙනවද?රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා,
නැහැ ආණ්ඩුව හැම අවුරුද්දෙම වෙනස් වෙන්න ඕනේනේ. ඒකකාධිකාරී විදිහට අපිට ඉදිරියට යන්න බැහැ. මම හිතනවා ඉදිරියට තවත් අමාත්‍යාංශ කිහිපයක් වෙනස් වෙයි. වගකීම් වෙනස් වේවි. ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන්න ගත්ත තවත් පියවරක්.ප්‍රශ්නය,
ඉදිරියට තව අමාත්‍යාංශ කීයක විතර වෙනස්කම් වෙයි ද?පිළිතුර,
කැබිනට් අමාත්‍යාංශ ගණනාවක වෙනස්කම් සිදුවේවි.ප්‍රශ්නය,
ඔබතුමාගේ අමාත්‍ය ධුරයත් වෙනස් වේවි ද ?පිළිතුර,
රාජ්‍ය අමාත්‍ය ධුරවලනම් තවමත් හිතලා නැහැ. නමුත් මම හිතනවා ඉදිරියේදී ඒකත් වෙනස් විය යුතුයි. දැන් අවුරුද්දක් අපි අපේ කාර්ය භාරය කළා.ප්‍රශ්නය,
පසුපෙළ හුඟක් අය ඉන්නේ තවම අමාත්‍ය ධුර නැතුව.පිළිතුර,
මුළු පාර්ලිමේන්තුවටම ඇමතිකම් දෙන්න පුළුවන් නම් හොඳයි. ඒක එහෙම කරන්න බැහැනේ.ප්‍රශ්නය,
ඔබතුමාගේ අමාත්‍යාංශ ඇමතිකමක් දක්වා වැඩි වෙයි ද?පිළිතුර,
මේ තියෙන එක හොඳටම ඇති. මේක කරගන්න බැරුව ඉන්නේ..
