නිවෙස් නිරෝධායනයේ සිටින්නන්ට සහන මල්ලක්

නිවෙස් නිරෝධායනයේ සිටින්නන්ට සහන මල්ලක් - බන්දුල ගුණවර්ධන

by Chathuranga Rajapaksha 18-08-2021 | 6:33 PM

COLOMBO (News 1st): නිවෙස් නිරෝධායනයට යොමු කර සිටින ජනතාව වෙනුවෙන් සහන මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(18) පෙරවරුවේ පිටකොටුව වෙළෙඳ සැල් පරික්ෂා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එය සතොස මගින් නොමිලේ ලබාදෙන අතර ලබන බ්‍රහස්පතින්දා සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, නිවසටම එම සහන මල්ල ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.