නවසීලන්තය යළි ලොක්ඩවුන්

06 මසකට පසු එක් ආසාදිතයෙක් වාර්තා වීම නිසා නවසීලන්තය යළි ලොක්ඩවුන්

by Staff writer 17-08-2021 | 4:22 PM

COLOMBO (News 1st)  - නවසීලන්තය ලොක්ඩවුන් කරන ලෙස එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් අද(17) නියෝග කළාය .

ඒ, නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙනි. සාර්ථක ලෙස කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ රටක් ලෙස නවසීලන්තය හැදින්වේ. ඒ අනුව මෙම නව ආසාදිතයා වාර්තා වූයේ මාස 06 කට පමණ පසුවයි.