COLOMBO (NEWS1ST) : වැරදුණු තැන් අවබෝධ කර ගෙන ජන ජීවිත ආරක්ෂා කිරීමට රටක් ලෙස එක්ව විසඳුම් සෙවීමට පූර්ණ සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රට මුහුණ දී සිටින ඛේදවාචකය තුළ පක්ෂ විපක්ෂ ,ජාති කුල භේදවලින් තොරව එකට එක්ව ප්‍රශ්න සඳහා විසඳුම් නිර්මාණය කළ යුතුව ඇති බවයි.
එම විසඳුම් නිර්මාණය කිරීමේදී වැරදුණු තැන්ද අවබෝධ කර ගත යුතුව ඇති බව විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ ය.
මෙරට කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනයන් උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ලොක්ඩවුන් කිරීමට කඩිනම් පියවර ගත හොත් මෙම ඛේදවාකචයෙන් ජීවිත බේරා ගැනීමේ හැකියාව පවතින බවයි.
ජීවිත බේරා ගැනීමේ එම ක්‍රියාදාමයට රටක් ලෙස සූදානම් දැයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් විමසා සිටියේ ය.
''ලෝක සෞක්‍ය සංවිධානය කියන අකාරයට දිනකට ආසාධිතයන් 6,000 ක් වෙන්න පුළුවන්, මරණ 220 ක් වෙන්න පුළුවවන් දිනකට, සති 02 කට ලොක්ඩවුන් එකකට ගියොත් අපිට පුළුවන් වෙනවා. අර අසාදිත 6,000 සංඛ්‍යාව 1,000 ක් දක්වා අඩු කරන්න. ඒ වගේම මරණ ගණනත් WHO කියන අකාරයට 25 ක් දක්වා අඩු කරන්න. අපි තීරණය කරන්න ඕන. 2022 වෙන කොට අපිට අවස්ථාව තියෙනවා. මරණ 30,000 න් අඩුම ගණනේ, 18,000 ක් අඩු කරන්න. මේ ජීවිත බෙරා ගැනීමේ ක්‍රියාදාමයට සූදානම් ද රටක් ලෙස?''
තව ද වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම සංගම් මේ මොහොතේ සති දෙකකට රට වසා දමන ලෙස ඉල්ලීම් සිදු කරන්නේ ද ජීවිත සහ රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා ගැනීම සඳහා බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.
කෝවිඩ් ආසාදිතයෙකු ලෙස තමන් විඳි අවදානම් සහගත අත්දැකීම සිහිපත් කළ විපක්ෂ නායකවරයා තමාට එදා දැනුණු ඒ බිය අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දැනී ඇති බව ද සඳහන් කළේ ය.
ඒ අනුව මේ මොහොතේ වගකීම වන්නේ, මානුෂීය හැඟීමෙන් ජීවිතවලට වටිනාකමක් දීම තීන්දු තීරණ ගැනීම බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ ය.
සති දෙකකට පමණක් රට ලොක්ඩවුන් කර සංඛ්‍යා ලේඛන අඩු වන විට ක්‍රමානුකූලව රට විවෘත කළ හැකි බව විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.