by Staff writer 17-08-2021 | 10:30 PM
COLOMBO (NEWS1ST) : පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු කොරෝනා වෛරස් අසාදිතයින් ලෙසට හඳුනාගෙන තිබේ.
ඒ අද (17) සිදු කළ අහඹු පරීක්ෂණ 275 කිනි.
පාර්ලිමේන්තුවේ මැති, ඇමතිවරුන් ඔවුන්ගේ කාර්ය මණ්ඩල සමාජිකයින් මෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ද මෙලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කළ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
හදුනාගත් අසාධිතයින්ගේ ආශ්‍රිතයින් ආරක්ෂක කැමරා පද්ධතිය මගින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට මෙන්ම අදාළ අංශ විෂබීජානුහරණය කිරීමට ද පියවර ගෙන තිබේ.
මේ අතර සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.
මන්ත්‍රීවරයා පවසන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් තම බිරිඳ සහ දියණිය සමග පරීක්ෂණ සඳහා යොමු වූ අවස්ථාවේ තිදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.