පාදුක්කේ PCR පරීක්ෂණ 121කින් 120කටම කොවිඩ්

පාදුක්කේ PCR පරීක්ෂණ 121කින් 120කටම කොවිඩ් - පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

by Staff writer 17-08-2021 | 10:15 PM

COLOMBO (News 1st) - පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ 121 න් 120 දෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව අද (17) අනාවරණය විය.

ඒ පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය දුමිත්‍ර කහඳගම මහතා,
ඊයේ(16) දිනය තුළ පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ස්වසන රෝග ලක්ෂණ සහිත රෝගීන් 121 දෙනෙකුගේ පී. සී.ආර්. පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ පරීක්ෂණ 121 න් 120 ක්ම කොවිඩ් රෝගීන් බවට තහවුරු වුණා. ඒ වාර්තා අද(17) දවසේ අපිට ලැබුණා. විශේෂයෙන්ම වැඩිහිටියන් උණ ඇතුව හෝ නැතුව වචන රෝග ලක්ෂණ තිබේ නම් ඒ අය බොහෝදුරට කොවිඩ්  රෝගයෙන් පෙළෙන අය විය හැකියි.