by Staff writer 17-08-2021 | 11:14 PM
COLOMBO (News 1st) - තිස්සමහාරාම, සූරිය වැව ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑ දෙනෙකුට අද(17) සවස පොලීසිය වෙඩි තැබුවේ ය.
පොලීසිය කොල්ලකරුවන් ලුහුබැඳ ගොස් එම වෙඩි තැබීම සිදු කර තිබේ.
කොල්ලකරුවන් ද ජීප් රථයට වෙඩි තැබුවේ ය.
ජීප් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී තිබෙන අතර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.