by Staff writer 17-08-2021 | 10:13 PM
COLOMBO (News 1st) - කොවිඩ්-19 සඳහා ප්‍රතිචාර දැක්වීමට ආර්ථික පුනර්ජීවනයට සහ මූල්‍ය ස්ථාවරත්වයට සහයෝගය ලබා දීමක් ලෙස චීන සංවර්ධන බැංකුව රුපියල් බිලියන 61.5 ක ණය පහසුකම් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට ගිවිසුමකට එළැඹ තිබේ.
ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව මෙම ණය ගිවිසුමට එළැඹුණු බව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේ ය.