අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්

by Staff writer 17-08-2021 | 6:02 PM

COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ, සැකකරුවන් අද(17) කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වසන්ත මුදිලිගේ මහතා ඇතුළු පිරිස පසුගියදා අත්අඩංගුවට ගැනුණේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුලු චෝදනා යටතේය.