සෞඛ්‍ය ඇමති ධුරයෙන් සමුගත් පවිත්‍රා අටුවා කතාවක් උපුටා ගනිමින් කළ අපූරු කතාව

by Sagarika Chathumali 16-08-2021 | 8:51 PM

COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් සමුගත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අනපේක්ෂිත ඇමති ධූර මාරුව ගැන අද (16) අපූරු කතාවක් සිදු කළා ය.

ඇය පැවසුවේ, බලාපොරොත්තු නොවූ මොහොතක අමාත්‍ය ධුරය වෙනස් වීම සිදු වූ බවත් එම ස්ථානයට යන තුරුත් මෙවැනි මාරුවීමක් සිදුවන බවට දැනුවත්ව නොසිටි බවත් ය. කෙසේ වෙතත් ජීවිතයේ සෑම දෙයක්ම සතුටින් භාර ගතයුතු බව ඇති බව අටුවා කතාවක් උපුටා දක්වමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය අපූරු පැහැදිලි කිරීමක් සිදු කළා ය. එම පැහැදිලි කිරීම අවසානයේ ඇය පැවසුවේ, සියල්ල සිදු වන්නේ, යහපතක් වෙනුවෙන් යැයි, සිතන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කරනු ලැබූ අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය ධුරය හෙඹවූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත් කෙරුණු අතර සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කෙරුණේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතායි. මේ අතර අලුතින් පත් කෙරුණු ඇමතිවරු අද දිනයේ ම අමාත්‍යාංශවල වැඩ භාර ගත්හ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය අමාත්‍යාංශයේදී අද සවස් කාලයේදී වැඩ භාර ගත් අතර නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාරගත්හ. නව අමාත්‍ය ධුරයක් හිමි වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තමන්ට නව අමාත්‍යාංශයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තැබූ විශ්වාසයට ස්තුතිය පළ කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සියලු මැති ඇමතිවරුන් සමග එක්ව සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති මාලාව යථාර්ථයක් බවට පත්කිරීමට කැපවන බවයි. අද (16) සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව ඇමති ධුර වෙනස් වූ ආකාරය මෙසේයි. ? ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය ? දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය ? පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය ? කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය ? ගාමිණි ලොකු‌ගේ මහතා – විදුලිබල අමාත්‍ය ? ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය ? නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීකෂණ අමාත්‍ය