සියලු ගර්භනී මව්වරුන්ට කොවිඩ් එන්නත දීමේ තීරණයක්

සියලු ගැබිණි මව්වරුන්ට කොවිඩ් එන්නත දීමේ තීරණයක් - සෞඛ්‍ය අමාත්‍යංශය

by Staff writer 16-08-2021 | 9:45 AM

COLOMBO (News 1st ) -  සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ, සංකූලතා ඇති හෝ නැති සියලු ගර්භනී මව්වරුන්ට ගර්භනී කාලය නොසලකා කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන බවයි. ඊට අදාළව මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමින් සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇතැයි ද වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ ය. අධ්‍යක්ෂවරයා ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා එන්නත් ලබාදෙන දිනයන් සහ වේලාවන් දැනගෙන එම එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි. තව ද මේ විට කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිත අහිමි වී ඇති ගැබිණි කාන්තාවන් කිසිවෙකුත් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන නොමැති අය බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.