විශේෂිත කරුණකට හැර සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් නොකරන්නැයි, ඉල්ලීමක්

by Sagarika Chathumali 16-08-2021 | 4:54 PM

COLOMBO (News1st) : සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක විශේෂිත කරුණකට හැර රිමාන්ඩ් භාරයට පත් නොකරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම්දී ඇතැයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, බන්ධනාගාර තුළ මේ වනවිට 21,000ක පමණ විශාල රැඳවියන් පිරිසක් රඳවා සිටින බැවින් කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද එම ඉල්ලීම නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව තදබදයක් පවතින බවත් මෙම අවස්ථාවේ කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා ත් මාර්ගෝපදේශ සහ ඇප දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත චක්‍රලේඛයක්  නිකුත් කර ඇතැයි, ද ඔහු පැවසී ය.