by Staff writer 16-08-2021 | 11:03 AM
COLOMBO (News 1st) - පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 54,612 පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථානවලදී පුද්ගලයින් 2,411ක් ඔවුන් පැමිණි වාහන 1,020 සමග පරික්ෂාවට ලක්කර තිබේ.
ඒ අතුරින් පුද්ගලයින් 479 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 361 සමග ආපසු හරවා යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.