නව ජනමාධ්‍ය ඇමති ඩලස් වැඩ භාර ගනී..

නව ජනමාධ්‍ය ඇමති ඩලස් වැඩ භාර ගනී..

by Chathuranga Rajapaksha 16-08-2021 | 5:52 PM

COLOMBO (News 1st): නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(16) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ බවය. අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහතා ප්‍රමුඛ මුල් පෙළේ නිලධාරීන් සමග කෙටි අදහස් හුවමාරුවක නිරත වී තිබේ. එහිදී අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් වත්මන් ආයතනවල තත්ත්වය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විමසා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මීට පෙර ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද(16) දින ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිණි.