දත්ත වෙනස් වෙලාද තියෙන්නේ?

දත්ත වෙනස් වෙලාද තියෙන්නේ?

by Staff writer 16-08-2021 | 9:53 PM

COLOMBO (News 1st) - කොරෝනා වසංගතයට අදාළව නිකුත් කරන දත්ත පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද(16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

දත්ත වෙනස්වෙලා නෙවෙයි තියෙන්නේ. නමුත් මේ දත්ත ගැලපීමේදී අපේ කේස් ඩෙෆීනීෂන් කියලා එකක් තියෙනවා. අන්න එතනදී තමා මේ ගැටලුව පැන නැගිලා තියෙන්නේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයත් වසංගත රෝග විද්‍යා අංශයත් මේ ගැටලුව සාධනීයව විසඳීමට මේ අවස්ථාවේ මැදිහත්වෙලා තියෙනවා. ඉතාම නුදුරේදී මේක සම්පුර්ණයෙන්ම විසඳාගත හැකි බව මාගේ විශ්වාසයයි. එහිදී මේ අපගේ දැනට මුළු ලෝකයේම කතා බහට ලක්වී තිබෙන ඉහළ මරණ අනුපාතිකයත් ඇත්ත වශයෙන්ම පහළ තියෙන මරණ අනුපාතිකයක් බවත් අපට පැහැදිලි කරගත හැකිවෙනවා. ඇත්තටම මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව පෙන්විච්චි එක හොඳයි මේ දත්ත නිවැරදි කර ගැනීමෙන් අනාගතයේදී අපේ ලංකාවේ මරණ අනුපාතිකය ඇත්ත වශයෙන්ම මෙච්ච වැඩි නැහැ කියන එක පෙන්වගන්න පුළුවන් වෙනවා.