COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා මරණ 167 ක් වාර්තා වී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 103 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 64 දෙනා කාන්තාවන් ය.
අද දිනයේ වර්තා වූ මරණකරුවන් අතර වයස අවුරුදු 30 ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 36 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 130 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.
අද (16) වාර්තා කරන ලද මෙම මරණ 167 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
