නිරෝධායන නීති කැඩූ 253 ක් අත්අඩංගුවට: බස්නාහිර මායිම පනින්න ගිය 475ක් හරවා යවයි

නිරෝධායන නීති කැඩූ 253 ක් අත්අඩංගුවට: බස්නාහිර මායිම පනින්න ගිය 475ක් හරවා යවයි

නිරෝධායන නීති කැඩූ 253 ක් අත්අඩංගුවට: බස්නාහිර මායිම පනින්න ගිය 475ක් හරවා යවයි

කර්තෘ Staff writer

16 Aug, 2021 | 11:03 am

COLOMBO (News 1st) – පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 54,612 පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථානවලදී පුද්ගලයින් 2,411ක් ඔවුන් පැමිණි වාහන 1,020 සමග පරික්ෂාවට ලක්කර තිබේ.

ඒ අතුරින් පුද්ගලයින් 479 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 361 සමග ආපසු හරවා යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]