හෙට (16) රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා සෑම දිනකම දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය

by Sagarika Chathumali 15-08-2021 | 8:18 PM

COLOMBO (NEWS1ST) : හෙට (16) රාත්‍රි 10.00 සිට සෑම දිනකම අලුයම 4.00 දක්වා නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා නීරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඇඳිරි නීතිය බලාත්මක කාලය තුළ ගමන් බිමන් සඳහා අවසර ලැබෙනුයේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි.