ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ දෙදෙනෙකු කොටු

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 15-08-2021 | 11:14 AM

COLOMBO ( News 1 st ) - ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී රුපියල් 100 නෝට්ටු 25ක්, රුපියල් 500 නොට්ටු 18ක්, රුපියල් 1000 මුදල් නෝට්ටුවක් ඇතුළු මුදල් මුද්‍රණය සඳහා යොදාගත් තවත් භාණ්ඩ කිහිපයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. එම නෝට්ටූ සැබෑ වූවානම් එහි වටිනාකම රුපියල් 12,500 කට ආසන්න වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.