කොවිඩ් හමුවේ රුධිර සංචිතවල පහළ යාමක්

රුධිරය පරිත්‍යාග කරන්නැයි, රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක්...

by Staff writer 15-08-2021 | 10:27 PM

COLOMBO (NEWS1ST) : කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවතින රුධිර සංචිත පහළ ගොස් තිබේ.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට දෛනිකව රුධිර ඒකක 950 ත් 1000ත් අතර ප්‍රමාණයක අවශ්‍යතාවක් පවතින බවයි. එම ප්‍රමාණය දෛනිකව සපයා ගැනීමට අපහසුවී ඇති බැවින් රුධිරය පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලෙස රුධිර පරිත්‍යාග ශීලීන්ගෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. 011- 5 332 153 හෝ 011- 5 332 154 යන දුරකරථන අංක ඔස්සේ වේලාවක් වෙන්කරගෙන රුධිරය පරිත්‍යාග කිරීම සඳහා දිවයිනේ ඕනෑම රුධිර පාරවිලයන මධ්‍යස්ථානයක් වෙත පැමිණීමට අවස්ථාව ඇති බව ද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේ ය. මේ අතර මහරගම පිළිකා රෝහල ඇතුළු දිවයිනේ රෝහල්වල පවතින රුධිර හිඟයට අවශ්‍ය රුධිරය ලබාදීම වෙනුවෙන් මාතර ප්‍රදේශයේ ජනතාව අද (15) පෙරවරුවේ ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණ. ඒ මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.