තවත් කොරෝනා මරණ 161 ක්...

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,000 ඉක්මවා යයි

by Sagarika Chathumali 15-08-2021 | 8:04 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 161 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6,096ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 83 දෙනෙකු  පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 78 දෙනා කාන්තාවන් ය. අද දිනයේ වර්තා වූ මරණකරුවන් අතර වයස අවුරුදු 30 ට අඩු එක් කාන්තාවක ද වන්නී ය. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 38 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 122 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය. අද (15) වාර්තා කරන ලද මෙම මරණ 161 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.