''සියලු පක්ෂ නායකයින් කැඳවන්න''

පවතින අවදානම් තත්ත්වයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායකයින් කැඳවන්න - රනිල් ජනපතිගෙන් ඉල්ලයි

by Staff writer 15-08-2021 | 10:09 PM
COLOMBO (News 1st): පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට සියලු පක්ෂ නායකයින් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.
ඇත්ත වශයෙන්ම විශාල ආපදාවකට අපේ රට මුහුණ දෙනවා. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කරන්න දිනයක් වෙන් කරන්න කියලා මම ඉල්ලීමක් කරල තියනවා. විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ නායකයින් සියලු දෙනාම කැඳවන්න. අගමැතිතුමත් ඒකට ඇතුළත්ව. කතානායකතුමා කැඳවන්න සෞඛ්‍ය ඇමතිවරු කැඳවන්න. කැඳවලා අපිට රජය කරන්න යන වැඩපිළිවෙළ ගැන දැනුවත් කරන්න. මගේ මේ යෝජනාව පිළිබඳ සලකා බලලා මේ අය කැඳවන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මම දන්න හැටියට අනිත් පක්ෂ නායකයින් මේ සඳහා අදහස් ඉදිරිපත් කරාවි යෝජනා ඉදිරිපත් කරාවි. මම හිතන්නේ මෙහෙම අවස්ථාවක අපිට එකඟ වෙන්න පුළුවන් කරුණු ගණනාවක් තියෙනවා.