අධිවේගයේදී වැරදි තොරතුරු දුන්නොත් වැඩ වරදී..

නිරෝධායන නීති කැඩූ 108ක් කොටුවෙයි: අධිවේගයේදී වැරදි තොරතුරු දුන්නොත් වැඩ වරදී..

by Staff writer 15-08-2021 | 1:23 PM

COLOMBO (News 1st ) - පසුගිය පැය 24 තුළ සිදු කරන ලද මෙහෙයුම්වලින් නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 108 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, මෙතෙක් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යව 54,359ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් පවසයි. ඊයේ දිනය (14) තුළ බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන වලදී පුද්ගලයින් 4,544 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබේ. එම පරීක්ෂාවලදී පළාත් සංචරණ සීමා උල්ලංඝණය කළ පුද්ගලයින් 582ක් ඔවුන් පැමිණි වාහන 333 ක් සමග නැවත හරවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . පළාත් මායිම් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. එසේම අධිවේගී මාර්ගවලට පිවිසීමේදී ගමනාන්තය පිළිබඳ ප්‍රශ්න කරනු ලබන අතර ව්‍යාජ තොරතුරු සපයා පළාත් අතර ගමන් කළහොත් ඒ පිළිබඳව නීතිය ක්‍රීයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.