by Staff writer 15-08-2021 | 10:18 PM
COLOMBO (NEWS1ST) : වෙඩි තබා ඝාතනය කළ බවට සැක, පණු දළ යුගළ කපා රැගෙන ගිය වන අලියෙකුගේ සිරුරක් යාළ අභය භූමියේ කලාප අංක 03 ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.
වන අලියා ඝාතනය වී තිබුණේ කතරගම ගෝතමී ගම සමුර්ධි වැව ආසන්නයේදී ය.
ඝාතනය වූ බවට සැක කෙරෙන මෙම වන අලියාගේ හිස කොටස වෙන්කර පණු දළ යුගළය රැගෙන ගොස් ඇති බව වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළහ.
අද (15) පස්වරුවේ එම ස්ථානයට පැමිණි වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය ඩබ්. ඒ ධර්මකීර්ති මහතා අලියාගේ මරණ පරීක්ෂණය සිදුකළේ ය.
එහිදී අනාවරණය වූයේ වන අලියාගේ වලිගය කොට ද අදාළ පිරිස වෙන් කරගෙන ගොස් ඇති බවයි.