කොවිඩ් නිසා රාජ්‍ය ආයතන කිහිපයක රාජකාරිවලට බාධා..

කොවිඩ් නිසා රාජ්‍ය ආයතන කිහිපයක රාජකාරිවලට බාධා..

by Staff writer 15-08-2021 | 10:26 AM

COLOMBO (News 1st ) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළුතර, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල තාවකාලිකව වසා දමා තිබේ .

ඒ, එම කාර්යයාල සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා ආසදනය වීම හේතුවෙනි . මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ‍ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ , සෙසු දිස්ත්‍රික්කවල කාර්යාල සේවා ද සීමාවන්ට යටත්ව සිදුකෙරෙන බවය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරැහැර ප්‍රධාන කාර්යාල ද පසුගියදා වසා දැමුණි. මේ අතර, සුරාබදු මූලස්ථානයේ සුරාබදු මැදිරිය ඇතුළු අංශ ගණනාවක් තාවකාලිකව වසා දමා තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හා ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කිරීම හේතුවෙන් එම පියවර ගත් බවය. කෙසේ වෙතත් නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේය.