COLOMBO ( News 1 st) - ඉන්දියාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබා අදට වසර 75ක් සපිරේ.
එහි සැමරුම් උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විය.
ඒ , නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදීය.
මේ සඳහා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පදක්කම් දිනාගත් ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකුට ආරාධනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජාතිය අමතමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා මර්දන එන්නත්කරණයේ දී ඉන්දියාව කිසිදු රටක් මත රඳා නොසිටින බවය.