COLOMBO (News 1st): අදට යෙදී ඇති ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවයක් පැවැත්විය.
ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, ගෝපාල් බාග්ලේ මහතා,
ජම්මු, කාශ්මීරයේ නව පිබිදීමක් සිදු වෙමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි විශ්වාසය ඇති සියලුම පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීමේ ක්‍රියාවලිය රජය ආරම්භ කර තිබෙනවා. හැම පැතිකඩකම සාර්ථකත්වය සමගින් ඉන්දීයාවේ නාමය ජාත්‍යන්තරයේ තවත් ඉහළට යමින් පවතිනවා. ප්‍රධාන බහු පාර්ශවික සංසද කිහිපයක් මෙන්ම රටවල් කිහිපයක් සමග ද්වි පාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීම සඳහා අප කටයුතු කිරීමෙන් ඒ බව පිළිබිඹු වෙනවා.