අගෝස්තු 17 වැනි අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට විවාහ මංගල්‍යවලට අවසර නැහැ

by Sagarika Chathumali 15-08-2021 | 3:26 PM

COLOMBO (NEWS1ST) : අගෝස්තු 17 වැනි අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල උත්සව සඳහා අවසර නොමැති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි. තව ද අදාළ නිවේදනයට අනුව අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට ජනයා ඒකරාශීවන කිසිදු අවස්ථාවකට අවසර නොමැති අතර අවන්හල්වල වරකට රැස්ව සිටිය හැක්කේ ධාරිතාවයෙන් 50%කට නොවැඩි පිරිසකට පමණි. තව ද හැකිතාක් දුරට ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.