by Staff writer 15-08-2021 | 9:09 AM
COLOMBO (NEWS1ST) : ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයකුට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකුගේ වෛරස් ප්‍රමාණය වාතයට එක් වීම 100 ගුණයකින් ඉහළ බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ පිළිබඳව අදහස් පළ කළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, ශරීරයට ඇතුළු වීමෙන් පසු දිනයක් දෙකක් ඇතුළත් වෛරසය ශරීරය තුළදී විශාල වෛරස ප්‍රමාණයක් ජනනය කරන බවයි.
ඒ අනුව ශරීරය තුළ වෛරස ප්‍රමාණය වැඩිවීම තුළ සංකූලතා ඇති කිරීමේ හැකියාව ද ඉහළ බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 2 කම ලබා ගත් පුද්ගලයින් 23 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබේ.
විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ, දෙවන මාත්‍රාව ද ලබා ගෙන සති දෙකකට වඩා වැඩි කාලයක් ගත වූ පසු මෙම මරණ සිදුව ඇති බවයි.
දීර්ඝ කාලීනව පැවති විවිධ රෝග එම කොරෝනා ආසාදිතයින්ගේ මරණවලට හේතු වී තිබේ.
මේ අතර කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 21 දෙනෙකු මේ වන විට මිය ගොස් අතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ, මේ වන විට කොරෝනා ආසාදිත ගැබිණි මව්වරුන් 700 ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
කොරෝනා ආසාදිත මෙරට සමස්ත ගර්භනී මව්වරුන් සංඛ්‍යාව 2,800ක් බව ද ඇය සඳහන් කළා ය.