by Staff writer 14-08-2021 | 8:04 PM
COLOMBO (NEWS1ST) : හෙයිටි රාජ්‍යයේ මැග්නිටියුඩ් 7.2 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, කැරිබියන් කලාපයටම භූ චලනයේ බලපෑම දැනී ඇති බවයි.
සුනාමි තත්ත්වයක් ඇති නොවනු ඇතැයි, මුල් අවස්ථාවේ දී ප්‍රකාශ වුව ද, අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පසුව එම කාලපයේ ඇතැම් මුහුදු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම මධ්‍යස්ථානය පවසා ඇත්තේ, මීටර් 3ක් දක්වා මුහුදු රළ ඉහළ යා හැකි බවයි.