by Staff writer 14-08-2021 | 10:10 PM
COLOMBO (News 1st) - සියල්ලට වඩා ජනතාවගේ ජීවිත වටින බැවින් විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගෙන කෙටි කලකට හෝ රට ලොක්ඩවුන් කරන ලෙස විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දිනපතා කොරෝනා ආසාදිතයන් 5,000 ඉක්මවන බවටත්, 250 ඉක්මවා මියයන බවටත් රෝහල්වලින් නිල නොවන වාර්තා ලැබෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන බවය.
ඉන් පෙනී යන්නේ, නිල සහ නිල නොවන වාර්තාත් ඇති බවය.
"ඒ තරමටම තත්ත්වය උග්‍ර මුහුණුවරක් ගෙන තිබෙනවා"
කොරෝනා ව්‍යසනය පැමිණි මොහොතේ සිට මේ රටේ ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු කළ බවත් වගකීම් විරහිතව කටයුතු කළේ ආණ්ඩුව බවත් මෙම නිවේදනයේ සඳහන් ය.
අත්තනෝමතික තීන්දුවල ඛේදනීය ප්‍රතිඵල මේ රටේ අහිංසක ජනතාවට භුක්ති විඳීමට සිදුවන බව පවසන විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව ජීවිත සමග ක්‍රීඩා කරමින් සිටින අතර එහි අවසානය බරපතල ඛේදවාචකයක් වනු ඇත්දැයි නුදුරේදීම වටහා ගැනීමට හැකි වනු ඇති බවයි.