COLOMBO (News 1st) - මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (13) දෙවැනි දිනටත් 150 ඉක්මවිය.
මේ අතර දෛනික කොරෝනා මරණ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(14) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
මේ මරණවලින් විශාල ප්‍රතිශතයක් තවමත් සම්පූර්ණයෙන් එන්නත ගත්තේ නැති අය ඉන්න බව මේ මරණ පිළිබඳව විශ්ලේෂණය කරපු අය කියනවා. වයසින් වැඩි අය රෝගවලින් පෙළෙන අය දියවැඩියාව ආදී වැනි රෝග තියෙන අය සියලු දෙනාම හැකි ඉක්මණින් තමන්ට ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලත් එක්ක සාකච්ඡා කරගෙන ඉක්මණින් එන්නත ලබා ගන්න කියලා අපිට මේ වෙලාවේ කියන්න ඕනේ