ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 14-08-2021 | 8:22 AM
දේශීය පුවත් 1 ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට සති 2 ක් පළාත් අතර සංචරණය තහනම් – යුද හමුදාපති ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය තහනම් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 2 හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවමින් මුදල් අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 3 කොරෝනා මර්දන එන්නත නොගත් වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ එන්නත්කරණ වැඩසටහනක් කොරෝනා මර්දන එන්නත ලබා නොගත් වකුගඩු රෝගීන් එන්නත්කරණයට මාළිගාවත්ත වකුගඩු රෝහලේදී දෙදින වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 4 සැප්තැම්බර් 15න් පසු පොදු ස්ථානවලට පිවිසෙන අවු. 30ට වැඩි සියලුදෙනා එන්නත් මාත්‍රා දෙක ලබාගෙන තිබේදැයි පරීක්ෂා කරනවා – යුද හමුදාපති ලබන සැප්තැම්බර් 15 දිනට පසු පොදු ස්ථානවලට පිවිසෙන වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක ලබාගෙන තිබේදැයි පරීක්ෂාවට ලක් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 5 ”ජනාධිපතිට යොමු කළ ලිපියට සාධනීය පිළිතුරක් නැහැ” - කාදිනල් හිමිපාණන් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට සාධනීය පිළිතුරක් ලැබි නොමති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. විදෙස් පුවත් 1 තලේබාන් ඇෆ්ගනිස්ථානයේ දෙවන විශාලතම නගරයත් සියතට ගනී.. නගර රැසක බලය අත්පත්කර ගනිමින් සිටින තලේබාන් සටන්කාමීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍ර වීමත් සමග අමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිය තානාපති කාර්යාල නිලධාරීන් සහ සහන ආයතන සේවකයින් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ. ක්‍රීඩා පුවත් 1 පැරාලිම්පික් රන් සිහිනය සොයා යන දිනේෂ් ප්‍රියන්ත.. මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී, රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම තම අරමුණ බව, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සඳහන් කළේය.