"කොවිඩ් අවසන් වෙනකොට ආණ්ඩුවට යන්න පාරක් නැති වෙයි"

ගුරු - විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක්..

by Staff writer 14-08-2021 | 11:05 PM

COLOMBO (News 1st) - ගුරු - විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීම අද (14) ආරම්භ කෙරිණි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොසෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ, අද දිනයේ සිට මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවය. ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක, වසන්ත සමරසිංහ මහතා,
කොවිඩ් 19 වසංගත තත්තවයත් එක්ක මේක ඇදගෙන යන්න එපා. ආණ්ඩුව මොකද එයාලාගේ වැඩ නවත්තලා නැහැ. එගොල්ලෝ එගොල්න්ගේ බිස්නස් කර ගන්නවා. සත විසිපහට බදු ගෙවලා සීනි ගෙනල්ලා වරායේ තියන් ඉඳලා සීනි 150 වුණාම ඒවා නිදහස් කරලා දෙනවා. රු. කෝටි 2500ක පමණ ශුද්ධ ලාභය යාලුවන්ගේ සාක්කුවට දාලා දෙනවා. නාවික හමුදාව පහුගිය අවුරුදු 5 තිස්සේ අවුරුද්දට කෝටි 600 - 700 ක් ආදායම උපයපු මේ වරායට එන නැව්වල තුවක්කු ටික පරිස්සන් කරලාට වැඩිය ඩොලර්වලින් හම්බුවෙන්නේ. අද කොත්තමල්ලි, පරිප්පුවලට බදු ගහනවා. ගැස් මිල වැඩි වෙනවා. ජනතාවට බර දෙනවා. භාණ්ඩාරයට දෙන සල්ලි ටික යාලුවන්ගේ ගිණුම්වලට යනවා. ලබන සඳුදා මේකට විසඳුමක් නොදුන්නොත් කොවිඩ් අවසන් වෙනකොට ආණ්ඩුවට යන්න පාරක් නැති වෙයි. මේ සටන පගාවට පාරට එන්නේ මේ ⁣රටේ ගුරුවරු දෙමව්පියෝ මේ රටේ සියලු වෘත්තිය සමිති ව්‍යාපාර ඒකාබද්ධව